ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank) මූල්‍ය දායකත්වය මත සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ලැබුණු මෙම වෑන් රථ වල වටිනාකම රුපියල් ලක්ෂ 900 ක් පමණ වේ.
මෙම වෑන් රථ මධ්‍යම පළාතේ නුවර, මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්ක සදහාත්, උතුරු මැද පළාතේ අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සදහාත්, ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක සදහාත්, සබරගමුව පළාතේ රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක සදහාත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, සෞඛ්‍ය පද්ධති වැඩි දියුණූ කිරීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.