විපක්ෂය විසින් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සම්න්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ් අනුව වී මිලදී ගැනීම සම්බන්ධයෙන් වී මෝල් හිමියන් සමඟ එකගතාවයකට පැමිණ ඇති බවත් සහල් වැඩි මලිට විකුණන්නට ඒරෙහිව ලබා දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඊ ලග කන්නයේ සිට වී සහ සහල් මිල පාලනය කිරීම සම්පූර්ණයෙන්ම රජය සතු වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම යල කන්නයේ ගොවියාට කිසිදු පොහොර හිගයක් ඇති නොවන බව කී අමාත්‍යවරයා
සඟවාගෙන සිටි පොහොර තොග සියල්ල එළියට දැමූ බවත් එළඹෙන මහ කන්නයේදී කිසිදු හිඟයකින් තොරව ගොවි ජනතාවට පොහොර ලබා දෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ගොවි ජනතාවට යම් පාඩුවක් සිදු වුවහොත් ඒ් වෙනුවෙන් වන්දි ලබා දීමටද රජය කටයතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වස විසෙන් තොර ආහාර වේලක් මෙරට ජනතාවට ලබා දී, නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම වෙනුවෙන් රජය කටයතු කරන බවද අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.