ඇය මේ බව පැවසුවේ (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම යන මැයෙන් පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි.
දැනට අප රටෙහි බත්තරමුල්ලේ සහ යාපනය ළමා මහේස්ත්‍රාත් අධිකරණ දෙකක් පමණක් පවතින බවද, එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර එම නිසා මහේස්ත්‍රාත් අධිකරණ වල ළමා නඩු විසදීමේදී ළමයින්ට වැඩිහිටියන් සමග ගැටීමට සිදුවන අතරම නඩු අධිකබව නිසා ළමා නඩු කල්යාමේ ප්‍රවණතාවයක්ද ඇති බැවින් ඒම ගැටලු වැළැක්වීම සදහා ළමා මහේස්ත්‍රාත් අධිකරණ 09ක් සහ ළමා මහාධිකරණ 09ක් පිහිටුවීමට රජයට යෝජනා කළ බවද ඇය සිහිපත් කළාය.
2020 ඔක්තෝබර් මස 02 වන දින අධිකරණ ඇමතිතුමන් විසින් ළමයින් සම්බන්ධව පවතින යල් පැනගිය නීති සංශෝධනයට පියවර ගන්නා ලෙස ළමාරක්ෂක අධිකාරියට දැන්වූ බවද ඒ් අනූව අප රට තුළ ළමයින්ට පනවා ඇති නීති සංශෝධනය කිරීම අරඹමින් ජනාධිපති නීතීඥයින්, මහාචාර්යවරුන් ආදීන්ගෙන් සැදුම්ලත් විද්වත් මණ්ඩල 05ක් රැස්කර එනම් කමිටු 05ක් සකසා, එම නීති සංශෝධන කටයුතු ඇරඹූ බවද ඇය කියා සිටියාය.
අප රටේ ආඥා පනත් රාශියක ළමයා සම්බන්ධයෙන් අර්ථ නිරූපන විවිධාකාර ලෙස දක්වා ඇති බවද, අධිකරණ ඇමතිතුමන්ගේ උපදෙස් අනූව ඒම සියල්ල එක් මට්ටමකට ගෙන ඒමෙන් අනතුරුව විශ්ව ළමා ප්‍රඥප්තියට අනුකූල වන පරිදි ළමයෙක් යනු වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙකු ලෙස පිළිගන්නා බැවින් අපගේ පනත් 13ක ඒක් ඒක් වයස් සීමා වල තිබුණු ළමයාගේ වයස 18 දක්වා සංශෝධනය කිරීමට යෝජනා කළ බවද ජාතික ළමාරක්ෂක අධිකාරියේ නියෝජ්‍ය සභාපතිනිය සදහන් කළාය.
දෙවනි කමිටුව ළමා හිතකාමී අධිකරණ පද්ධතියක් පිහිටුවීම සදහා පත් කළ බවද මෙලෙස ළමයින්ට හිතකර ලෙස නීති සංශෝධනයට මෙම කමිටු 05 ක්‍රියා කරන බව ඇය වැඩිදුරටත් පැහැදිළි කළාය.