රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ''ළමා අපචාර, ළමුන්ට එරෙහිව සිදුකෙරෙන හිංසන සහ ජනමාධ්‍යයෙහි සමාජ බලපෑම''යන මැයෙන් ජුලි 20 දා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් නීතිඥ අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ, අන්තර්ජාලය සම්බන්ධ සිදුවන මෙන්ම එදිනෙදා සිදුවන ළමා අපයෝජන මැඩලීම උදෙසා නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ජනතාව දැනුවත් වියයුතු බවත්ය.
කෙසේ වෙතත් ඉන්දියාව හා දකුණු ආසියාවේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂක මෙරට ළමා අපයෝජන ඇත්තේ ඉතාමත් අඩු ප්‍රමාණයකින් බවත්, එසේ වුවද නිරන්තරයෙන් මෙම අඩු තත්වය වුවද ශූන්‍ය බවට පත් කරගැනීම තම අපේක්ෂාව බවත්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
එසේම ලිංගික හිංසනය සම්බන්ධයෙන් නව නීති සකස් කිරීමට හැකියාව ලැබී ඇති බවත්,මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ළමා හා කාන්තා කාර්යංශය, පොලිස් අපරාධ වාර්තා කොට්ඨාසය, පොලිස් නිල සුනඛ අංශය මෙන්ම සංචාරක කර්මාන්තයට අදාළ පොලිස් සංචාරක කොට්ඨාසය අයිති වන්නේ තමා යටතට බවත්,එම නිසා කිසිවකුගේ බලපෑමට යටත්ව කටයුතු නොකරන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.