2020 වර්ෂයේ රජයට ලැබුණු බදු ආදායම වූ රුපියල් බිලියන 1216 න් රුපියල් බිලියන 1052ක් විශ්‍රාමික සහ රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා වැය කර ඇති අතර රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු රජයේ බදු අදායමින් ඉතිරිවන්නේ රුපියල් බිලියන 164ක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ, “ජීවන වියදම, ආර්ථිකය සහ අපනයන ප්‍රවර්ධනය” සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (21) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිණි.
ගුරුවරුන්ගේ වැටුප් වැඩි කළ යුත්තේ ගුරු සේවය ආවෘත සේවාවක් බවට පත්කර වැටුප් පිළිබඳ කොමිසමක් පිහිටුවා පුළුල් සංවාදයක් තුළින් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවේදී කතා කළ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලෝකයේ ධනවත්, දුප්පත් සහ මැදි ආදායම් ලබන සියලුම රටවල් වත්මන් වසංගතයෙන් පීඩාවට ලක්වී ඇති බවත් ලංකාව වැනි කුඩා ආර්ථිකයක් සියලුම රටවලට මෙය පොදු කරුණක් බවත් පෙන්වා දුන්නේය.
ලෝකයේ පුරා පැතිරීගිය වසංගතය හේතුවෙන් මිලියන 4කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ගුවන් තොටුපල, නැව් තොටුපල වසා දමා ඇති පසුබිමක ලෝකයේ ම සැපයුම් ක්‍රියාවලිය අඩපනවී නිෂ්පාදනය, පරිභෝජනය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ වසංගතය නිසා බඩගින්න, මන්ද පෝෂණය වැඩිවි ලෝකයම පුරාම දුප්පත්කම ඉහළගොස් ඇති මෙවන් අවස්ථක ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකටම රාජ්‍ය මූල්‍ය කළමණාකරණය දුෂ්කර අභියෝගයක්ව ඇතැයි ඇමතිවරයා කීය.
රාජ්‍ය මූල්‍ය පිළිබඳ අර්බුදය, විදේශ විනිමය අර්බුදය, ආර්ථිකය කඩා වැටීම යන ප්‍රධාන අර්බුද තුනට ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මුහුණ දෙනවා යැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.