''ජීවන වියදම, ආර්ථිකය සහ අපනයන ප්‍රවර්ධනය''යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ජූලි 21දා(අද) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ, විදේශයන්හි සිට එතනෝල් ගෙන්වීම වත්මන් රජය යටතේ නතර කළ බවත්, එතෙක් මෙරටදී රුපියල් 290කට අලෙවි වූ එතනෝල් ලීටරයක් රුපියල් පන්සියය දක්වා වැඩි කිරීමට කටයුතු කළ බවත්, ජානක වක්කුඹුර මහතා පැවසීය.
එමෙන්ම දේශීය රතු සීනි කිලෝවක් රුපියල් එකසිය පහළවක ස්ථාවර මිලකට අලෙවි කිරීමට කටයුතු කළ බවත්, විදේශයන්හි සිට රතු සීනි මෙරටට ගෙන්වීම දැනට නතර කර ඒ වෙනුවට මෙරටට අවශ්‍ය රතු සීනි මෙරටදීම නිෂ්පාදනය කිරීමට වත්මන් රජය යටතේ තමන් කටයුතු කළ බවත්, අමාත්‍යවරයා පැවසීය. කිලෝවක් රුපියල් 300ක පමණ මිළකට අලෙවි වූ ගම්මිරිස් රුපියල් 800 දක්වා මිළකට ගොවීන්ගෙන් මිළදී ගැනීමට කටයුතු කළ බවත්, එලෙස මිළදී ගන්නා ගම්මිරිස් සහන මිළට සතොස යටතේ විකිණීමට කටයුතු කළ බවත්, ජානක වක්කුඹූර මහතා පැවසීය.
මීට අමතරව කුරුඳු, එනසහල්. කරාබු නැටි වැනි සුළු අපනයන භෝග සඳහාද ගොවීන්ට හොඳ මිළක් ලබාදීමටත්, පාරිභෝගිකයාට සහනදායී මිළකට ලබාදීම සඳහාත් කටයුතු කළ බවද ජානක වක්කුඹුර මහතා පැවසීය.
පසුගිය වසරේ අපනයන භෝග වලින් ලැබූ ආදායම රුපියල් මිලියන 27977ක් බවත්, මෙම වසරේ රුපියල් මිලියන 43112 එනම් රුපියල් මිලියන 15133කට අධික ලාභයක් මෙම වසරේ සුළු අපනයන භෝග අලෙවියෙන් ලබාගත් බවත් ජානක වක්කුඹුර අමත්‍යවරයා පෙන්වා දුනි.
එමෙන්ම මෙම වසර අවසන් වන විට අපනයන භෝග තුළින් මෙරටට ලැබෙන ආදායම රුපියල් බිලයන සියය දක්වා වැඩිකිරීම තම අපේක්ෂාව බවත්ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුනි.
මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක්ම මුල් කරගනිමින් අපනයන ගම්මානයක් මේ වන විට ස්ථාපිත කර ඇති බවත්, එමෙන්ම අගෝස්තු මාසය අවසන් වන විට අපනයන ගම්මාන 200ක් ඇති කිරීමට අවශ්‍ය මූලික කටයුතු කර ඇති බවත්, අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.