''ජීවන වියදම, ආර්ථිකය සහ අපනයන ප්‍රවර්ධනය'' යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ජූලි 21දා(අද) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, දීර්ඝ කාලයක් තිස්සේ අපනයන ආදායම වැඩිකරගැනීමට කටයුතු කර නොමැති බවත්, පසුගිය රජය යටතේ මෙරටදී නිෂ්පාදනය කිරීමට හැකියාව තිබෙන භාණ්ඩ පවා විදේශයන්හි සිට ගෙන්වීම හරහා මෙරට ඩොලර් සංචිතයට හානිකර අයුරින් බලපෑ බවත්ය. විදේශයන් හි සිට මෙරටට අත්‍යවශ්‍ය භාණෟඩ හා කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන ඒම අනිවාර්ය බවත්, ඒ සඳහා වැය වන විදේශ මුදල් වෙනුවට මෙරට අපනයන සැලැස්ම වැඩි දියුණු කරගනිමින් වැඩි විදේශ මුදල් ප්‍රමාණයක් ගෙන ඒම අනිවාර්ය බවත්, අමාත්‍යවරයා පැවසීය.
මෙරට නිෂ්පාදන රසායිනික පොහොර භාවිතයෙන් තොරව නිෂ්පාදනය කිරීම වැනි උපක්‍රම භාවිතයෙන් විදේශ වෙළඳපොළ තුළ මෙරට නිෂ්පාදන විකිණීමට හැකි නම් මේ වන විට ලබාගන්නා ආදායම මෙන් කිහිප ගුණයක් ආදායම ලබාගැනීමට හැකියාව තිබෙන බවද දේශීය වෙළඳපොලේ පවතින නිෂ්පාදන සඳහා පාරිභෝගිකයාට වැයවන අධික වියදම අවම ගැනීම සඳහා දේශීය නිෂ්පාදකයන් හරහා ඉහළ ගුණාත්මකභාවයෙන් මෙන් ම සාධාරණ මිලකට අළෙවි කළ හැකි නිෂ්පාදන පාරිභෝගිකයාට ගෙන යා හැකි නම් දේශීය වෙළඳපොළ තුළ සිටින පාරිභෝගිකයන්ටද සාධාරණයක් වන බව ද අමාත්‍යවරයා කීය.