ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත මෙම දිනවල දී විවාදයට ගැනීමට නියමිත බවත් පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මේ අතර ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත් කෙටුම්පත ආරක්ෂක කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ තවදුරටත් සළකා බැලීමෙන් අනතුරුව විවාදයට ගැනීමට නියමිත බවද දසනායක මහතා පැවසීය.
අගෝස්තු 03 වනදා පාර්ලිමේන්තුවේ දී සභාව කල්තැබීමේ විවාදයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය පැවැත්වෙන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.
එදින පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙනු ඇත.
අගෝස්තු 04 වැනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තැබීමේ අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිත බව මහ ලේකම්වරයා කීය.
ඉන්පසු දිනය වන අගෝස්තු 05 වැනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත් කෙටුම්පත සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන නියමයන් සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ 2021 වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමට නියමිතය. එදින පස්වරු 4:30 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.
අගෝස්තු 06 වැනිදා පෙරවරු 11.00 සිට පස්වරු 4:30 දක්වා ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සහ ආගාමික හා විගාමික පනත යටතේ වන නියෝග දෙවැනි දිනයටත් විවාදයට ගැනීමට නියමිත බව මහලේකම්වරයා පැවසීය.
එදින පස්වරු 4:30 සිට පස්වරු 5:30 දක්වා සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තුව පැවැත්වෙන දින 04 තුළදී ම පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙන බවද මහ ලේකම්වරයා පැවසීය.