ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ අද (22) පැවති කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා කොතලාවල පනතේ ඉදිරි දැක්ම , පිළිබඳව
දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී, අපට අවශ්‍ය ජනතාවට එරෙහි වන නිදහස් අධ්‍යාපනයට එරෙහි වන බිල්ලෙක් බිහිකිරීම නොවන බව ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය. උසස් අධ්‍යාපනය සඳහා වරම්
නොලැබූ මෙරට දරු දැරියන්ට ඒ් සඳහා අවස්ථාව ලබා දෙමින් මේ රටේ ඉදිරි ගමනට ඔවුන්ව දායක කරගැනීම රජයේ අවශ්‍යතාව බව පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ, දැනට එම විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වන්නේ වසර 2007 දි සම්මත වූ පනතක් බවයි. ඒ අනුව , විද්වත් මණ්ඩලයක් මඟින්
අධ්‍යනය කර මෙහි අඩුලුහුඩුකම් හඳුනාගෙන එම පනත සංශෝධනය කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව පෙන්වා දුන් ආරක්ෂක ලේකම්වරයා, මෙවැනි විවිධ ක්ෂේත්‍රවලට විශේෂ වූ සාගර
විශ්ව විද්‍යාලය, පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය වැනි විශ්ව විද්‍යාල පවතින බවයි. මෙම විශ්ව විද්‍යාලයට ඕනෑම ශිෂ්‍යයෙකු ඇතුළු වියහැකි අතර, අධ්‍යනය කටයුතු සිවිල් ආචාර්ය සහ
මහාචාර්යවරුන් විසින් සිදු කෙරේ.
මෙම පනත මඟින් වෙනත් කිසිදු විශ්වවිද්‍යාලයකට බලපෑමක් සිදු කළ නොහැකි බව අවධාරණය කළ ලේකම්වරයා, කොතලාවල විශ්වවිද්‍යාලයේ උපාධිය ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට
සෑම විටම විශ්වවිද්‍යාලය කටයුතු කරන බවද කීය.