උණුසුම් පිළිගැනීමකින් අනතුරුව, ආරක්‍ෂක ලේකම් සහ තානාපතිවරයා අතර ද්විපාර්ශ්විකව වැදගත් වන කරුණු පිළිබඳව සහ දෙරට අතර හමුදා සහයෝගීතාවය පුළුල් කිරීම මෙන්ම වෙළඳ ආයෝජන සම්බන්ධවද සුහද සාකච්ඡාවක් පැවැත්වීය.
දෙරටේ පවතින කොවිඩ් -19 වසංගත තත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර, වසංගත තත්වය තුළ ශ්‍රී ලංකා ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා කොරියානු ජනරජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට තානාපතිවරයා පොරොන්දු විය.
දෙරට අතර ආරක්‍ෂක සබඳතා වැඩි දියුණු කිරීමට තානාපතිවරයා සිය කැමැත්ත ප්‍රකාශ කළ අතර ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා ද ඒ සඳහා එකඟ විය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සිහිවටන හුවමාරු කර ගැනීමද සිදුවිය.
කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම සඳහා වූ සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකූලව පැවති මෙම සාකච්ඡාවට ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි බ්‍රිගේඩියර් දිනේෂ් නානායක්කාර ද එක් විය.