පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    මි.මී. 75 පමණ තරමක තද වැසි

    ජූලි 25, 2021

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

     


    අද (25) නිකුත් කළ කාලගුන අනාවැකියේ මේ බව සඳහන් කරයි
    බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක තද වැසි ඇතිවිය හැක.වයඹ පළාතේ වැසි වර කිහිපයක් ඇතිවිය හැක.

    ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ වන අතර විටින් විට පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya