පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

      ළමා අපචාර, ළමා හිංසනයට එරෙහි බොරු කිඹුල් කදුළු එපා. නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීමට බලකරමු- රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ

    ජූලි 25, 2021

    ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය මේ කුමන නමකින් ඉදිරිපත් වුවද ඒ සියල්ලම දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය මුදාහැරීමක් වන බැවින් එයට කොන්දේසි විරහිතව එරෙහිවීම වගකිව යුතු සමාජයක වගකීම වන බවත් ළමයින්ට එරෙහි එවැනි සිදුවීම් සම්බන්ධයෙන් හුදු විරෝධය පෑමකට එහාගිය නීතිය දැඩිව ක්‍රියාත්මක කරවීමට බලකෙරෙන සංවිධානාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බව පාර්ලිමේන්තු කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශීනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරයි.

    අපරාධකරුවා, චූදිතයා කුමන තරාතිරමක අයෙකු වුවත් වින්දිතයා වන්නේ දරුවන් බැවින් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී වගකීමෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයෙන්ම කළ යුතු බව ඇමතිවරිය වැඩිදුරටත් සදහන් කරයි. අමාත්‍යවරිය මේ බව සදහන් කලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නිවසේ වයස අවුරුදු 16ක දැරියක් මෙහෙකාර සේවයේ යොදවමින්, අපයෝජනයකට ලක්කර පිළිස්සී මියයාම සම්බන්ධයෙන් සිය සංවේගය සහ කණස්සල්ල පළකරමිනි.

    පසුගිය කාලය පුරාම දරුවන් සම්බන්ධයෙන් මෙවැනි ප්‍රවෘත්ති අසන්නට දකින්නට ලැබීම සුලබව සිදුවූ බවත් එවැනි අවස්ථාවල එක් එක් සිද්ධිය මුල් කරගෙන ඊට අදාල විරෝධය පෑමකට
    යොමුවූවා විනා නැවත වතාවක් දරුවන් එවැනි ඉරණමකට ගොදුරුවීම වළකාලීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමට ක්‍රමවත් සංවාදයක් සාකච්ඡාවක් ඇති නොවීම පිළිබදව අමාත්‍යවරිය මෙහිදී සිහිපත් කළාය.

    ළමා අපචාර, ළමා හිංසනය, ළමා මෙහෙකාර සේවය හරහා දරුවන් තුළ දැඩි මානසික ව්‍යාධියකට මෙන්ම දිගුකාළීන ශාරීරික ආබාධවලට ලක්විය හැකි වටපිටාවක් නිරන්තරයෙන් නිර්මාණය වන අතර එය නැවත වතාවක් සමාජයටම පාරාවළල්ලක් වන තත්වයක් නිර්මාණය වීම නොවැළැක්විය හැකි බව සිහිපත් කළ අමාත්‍යවරිය ඇතැමුන් සිතන ආකාරයට ගැහැණු දරුවන් අපයෝජනයට ලක්කිරීම, කාන්තාවන්ට හිරිහැර කිරීම ආදිය පිළිබදව මුලින්ම විරුද්ධත්වය පළකල යුත්තේ කාන්තාවන් බවට සමාජ මතයක් ගොඩනැගෙමින් පවතින බවත් එය ඛේදනීය තත්වයක් බැවින් සමස්ථ සමාජයම එවැනි කාරණා වලදී ඉදිරියට පැමිණිය යුතු බව අමාත්‍යවරියගේ අදහසයි.

    ළමා අපචාර, ළමා හිංසනය, කාන්තා හිංසනය සමාජයක පිරිහීම පෙන්නුම් කෙරෙන තත්වයන් බැවින් එවැනි තත්වයන් මගහරවා ගැනීමට කාන්තාවන් පමණක් නොව සැවොම එක්ව කටයුතු කිරීම වැදගත් බව සිහිපත් කළ අමාත්‍යවරිය සදහන් කලේ මියගිය ඉෂාලිනී ජූඩ් කුමාර් දියණියට යුක්තිය කඩිනමින් ඉටුවීම තවත් එවැනි දියණිවරුන් ආරක්ෂා වීමට හේතුවක් විය හැකි බව තමන් විස්වාස කරන බවයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya