ශ්‍රී ලංකාව සඳහා කියුබානු ජනරජයේ අති විශේෂ හා පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කිරීම
ශ්‍රී ලංකා රජය සමඟ එකඟතාවයෙන් යුතුව කියුබා ජනරජයේ රජය විසින් ඇන්ඩ්‍රස් මාර්සෙලෝ ගැරිඩෝ මැතිතුමා ශ්‍රී ලංකාව සඳහා කියුබානු ජනරජයේ අතිවිශේෂ සහ පූර්ණ බලැති තානාපතිවරයා ලෙස පත් කර ඇත. තානාපති ජුවානා එලේනා රමෝස් රොඩ්රිගස් මැතිනියගේ අනුප්‍රාප්තිකයා ලෙස එතුමා පත් කරන ලදී. එතුමා 2021 ජූලි 22 වැනි දින පෙ.ව. 10.30 ට කොළඹ 01, ජනාධිපති මන්දිරයේ දී ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය.
විදේශ අමාත්‍යාංශය
කොළඹ
2021 ජූලී මස 22 වැනි දින