යථාර්ථය වන්නේ, මහජන බලාපොරොත්තු වැඩිවීම මිස අඩුවීම නොවන බවද ඔහු ප්‍රකාශ කරයි. ඔහු කියා සිටින්නේ, අපේ උරුමය වන, බුදු රජාණන්වහන්සේගේ ධර්මය අනුව, සමාජය හරිමග ගෙන යා හැකි, හොඳ හා නරක තේරුම් ගතහැකි ජනතාවක් මෙරට වෙසෙන බවයි. එම නිසා, බුදු දහම අවුරුදු 2500කට වැඩි කාලයක් අපේ රටේ තැන්පත් වී, සමාජය හැඩගැස්වීමේ ප්‍රධාන සාධකය බවට පත්ව ඇති බව ඔහු පවසයි. ආණ්ඩු එන්න පුළුවන් - ආණ්ඩු යන්න පුළුවන්, එහෙත් සම්බුද්ධ සාසනය එලෙසම ආරක්ෂා වී ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
සභානායක, විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේ, සාමදාන විනිශ්චයකාර ධූර පත්වීම් ලිපි පිරිනැමීමේ අවස්ථාවකට, අද(25) මහරගමදී එක්වෙමිනි. මෙම අවස්ථාවට, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතාද එක්ව සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ, දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා, සාමදාන වින්ශ්චයකරුවන්ට උපදෙස් ලබාදුන්නේ, කිසිදු වැරදි ක්‍රියාවකට උදව් නොකරන ලෙසයි. සාමදාන විනිශ්චයකාරවරුන්ගෙන් අපේක්ෂා කරන්නේ, නීතියේ ආරක්ෂකයෝ හැටියට මෙන්ම සමාජයේ ආරක්ෂකයෝ හැටියට කටයුතු කිරීම, බවද ඔහු අවධාරණය කළේය. සමහරු නීතිය ඉදිරියේ දිවුරුම් දී නීති විරෝධී වැඩ කරන බවත් එමනිසා නීතියටත් වඩා ආධ්‍යාත්මික කැපවීමක් අවශ්‍ය බව කී සභානායකවරයා, ආධ්‍යාත්මිකව තමන්ගේ සිත, මනස වැරැද්දක් නොකරන්නට, හොඳ දෙයක් කිරීමේ පරමාර්ථයෙන් කැපවී සිටිනවා නම්, කෙනෙකුට යෝධ හයිය වන්නේ එය බවත් සිහිපත් කළේය.