පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    මහජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට යොදාගත හැකි වාහන අලුත්වැඩියා කිරීමට ප්‍රතිපාදන

    ජූලි 26, 2021

    දිවයින පුරා සියලුම සෞඛ්‍ය ආයතනවල මහජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට යොදාගත හැකි වාහන අලුත්වැඩියා කිරීමට ප්‍රතිපාදන වෙන්කෙරේ.

    දිවයින පුරා සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල දැනට අබලන්ව පවතින , මහජනතාවට සෞඛ්‍ය සේවා සැපයීමට යොදාගත හැකි සියලු වාහන අලුත්වැඩියා කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියෙන් වහාම ප්‍රතිපාදන වෙන්කෙරේ.

    ඒ අනුව මේ වසර අවසන් වන විට සෞඛ්‍ය සේවා සපයන ආයතන වල ප්‍රවාහන ගැටළු විසඳීමට හැකියාව ලැබෙනු ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි.


    සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පසුගියදා පැවති ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මේ යෝජනාව සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු විධායක
    කමිටුවට ඉදිරිපත් කළ බවත් ඊට පූර්ණ අනුමැතිය ලැබුණු බවත් ඒ මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya