දැනට සිදු වන මරණ අතුරින් 90%ක්ම වයස අවුරුදු 60ට වැඩි අය බවත් මේ සඳහා එකම විසඳුම එන්නත්කරණය බව පෙන්වා දුන්නේය.
මේ වන විටත් මිලියන 12කට වඩා වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.දෙවන මාත්‍රාව ලැබීමෙන් අනතුරුව මරණ අඩුවී මෙරට රෝගය පාලනය කර ගැනීමට හැකි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
කොවිඩ් වැළඳී මිය යන පුද්ගලයන් සම්බන්ධයෙන් නිකුත් කරන දෛනික වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, දිනපතා සිදුවන මරණ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී යම් යම් ප්‍රායෝගික ගැටළු පවතින බවයි. එහෙත් කොවිඩ් වැළඳී මිය යන පුද්ගලයන් සම්බන්ධ සවිස්තරාත්මක මරණ වාර්තාවක් ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපත් කරනු ඇති බවද අමාත්‍යවරයා කීය.