රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ණය වාරිකය ගෙවා දැමීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, විදේශ සංචිත සහ මූල්‍ය හැසිරවීම මනා ලෙස කළ නිසා මේ ආකාරයට විදේශ සංචිතවලට හානි නොවන අයුරින් මෙම ණය
වාරිකය ගෙවීමට හැකියාව තිබූ බවත්, එමෙන්ම විදේශ සංචිත තුලනය කිරීමට හැකියාව තිබූ බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, සංචාරක කර්මාන්තය මෙන්ම මෙරට විදෙස් විනිමය උපයන මාර්ග විශාල ප්‍රමාණයක් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ
සංචාරක කර්මාන්තය අඩපණ වූ බැවින් විදෙස් විනිමය සංචිත ඉතා පහළ අගයක් ගත්ත ද නුදුරේදී එම සංචිත වැඩි කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවය.
කොළඹ වරාය සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසු අතර එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවත්, අමාත්‍ය මණ්ඩලය සාකච්ඡා කිරීමෙන් පසුව වඩාම වාසිදායක කුමක්ද යන්න සෙයා බලා ඒ අනුව කටයුතු කරන බවය.