අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේ දී අපනයන භෝගයක් වන තේ වගාව සම්බන්ධයෙන් රසායිනික පොහොර තහනම බලපාන ආකාරය සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමක දී එයට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම කාබනික පොහොර ලබන ඔක්තෝබර් මාසය වන විට මෙරටට ළඟාවීමට නියමිත බවත්, එතෙක් තමන් සතුව තිබෙන යම් ප්‍රමාණයක රසායිනික පොහොර ළඟම ඇති ගබඩා වෙත ලබාදීමට කටයුතු කර ඇති නමුත් තේ වගාකරුවන්ට ලබාදීම සිදු නොකළ බවත්, තම අපේක්ෂාව
වගාකරුවන් වෙත හොඳ තත්වයේ කාබනික පොහොර ලබාදීම බවත්ය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මේ වසරේ පළමු මාසය තුළ තේ දළු නෙලීම සම්බන්ධයෙන් ලංකාව වාර්තාවක් තබමින් තේ දළු කිලෝ මිලියන 160කට අධික ප්‍රමාණයක් දළු නෙළා ඇති බවත්,එය මෙරට ඉතිහාසයේ වැඩිම දළු නෙලීමෙන් එකක් බවත්ය.
මෙම තත්වය යටතේ තේ ගසේ තත්වය හා දළු නෙළීම තත්වය බාල වීම ගැන රජය සැළකිලිමත්ද යන්න මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ, මේ සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමය තවමත් කල් වැඩි බවය.