එළඹෙන අයවැයේදී ගුරුවරුන් සඳහා පළමු සහනය ලබා දීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය ආදායම් අඩු වී ඇති මොහොතක මෙම වැටුප් විෂමතා ඉවත් කිරීමේ අසීරුතාවය පැහැදිළි කළේය. රටේ පවතින වර්තමාන මූල්‍ය තත්වය හමුවේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ ක්ෂණික හැකියාවක් නැති බවත් ඉදිරි අයවැයේදී ඒ් සම්බන්ධයෙන් පළමු පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැහැදිළි කළේය.
දරුවන් වසර එක හමාරක පමණ කාලයක් තිස්සේ පාසල් නොගොස් ගෙදරට සීමා වී සිටින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙමගින් වඩාත් අපහසුතාවයට පත්ව ඇත්තේ අර්ධ නාගරික සහ ග්‍රාමිය පාසල් වල දරුවන් බවද පෙන්වා දුන්නේය. එබැවින් නැවන සේවයට පැමිණ අදාළ අධ්‍යාපන කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන සියළුම ගුරු සංගම් සමග සාකච්ඡාවක් පවත්වන බවත් ගුරු අධ්‍යාපන සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමට ඉදිරියේදී රජය කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා,
අනෙක් සේවාවන්හි වැටුප් විෂමතාවක් ඇති නොවන පරිදි මෙම ගැටළුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට කටයුතු කරන බවද කීය.