එකී ප්‍රතිසංස්කරණ මඟින් විෂය මාලාවන් හා ඉගැන්වීම් ක්‍රමෝපායන් සඳහා සුවිශේෂී වෙනස්කම් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. යෝජිත ප්‍රතිසංස්කරණ 1, 2, 6, 8 සහ 10 ශ්‍රේණි සඳහා 2023 වර්ෂයේදීත් 3, 4, 5, 7 සහ 11 ශ්‍රේණි සඳහා 2024 වර්ෂයේදීත් හඳුන්වා දීමට අපේක්ෂා කරනු ලබයි.
එම කාර්යයන් සඳහා දැනට ජාතික අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතු කාර්යමණ්ඩලය ප්‍රමාණවත් නොවන බැවින්, ඒ සඳහා රජයේ පාසල්වල ගුරු සේවයේ නියුතු අදාළ විෂයන් සම්බන්ධයෙන් ප්‍රවීණතාවක් සහිත පළපුරුදු ගුරුවරුන් 150 දෙනෙකු ජාතික අධ්‍යාපන ආයතනයට අනුයුක්ත කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.