අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය යතාර්ථයක් බවට පත් කරමින් පානීය ජලය නොමැති සැමට පානීය ජලය ලබාදීමේ සංකල්පය ක්‍රියාවට නන්වමින්, ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ඉල්ලීම පරිදි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදෙස්මත, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාත්මක කරන මැදදුම්බර පානීය ජලය නොමැති ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාප්තියේ සමාරම්භක අවස්ථාව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමන්ගේ ද මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (26) දින ආරම්භ කරන ලදී.
මෙම ව්‍යාපෘතිය මගින් මැදදුම්බර ආසනයේ ග්‍රාමනිලධාරී වසම් 18ක් ආවරණය කෙරෙන අතර පවුල් 3000 කට පමණ මෙමගින් පානීය ජලය සැපයේ.
මෙම අවස්ථාව සදහා මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති අශෝක සමරකෝන් මැතිතුමන් ඇතුළු ජනතා නියෝජිතයන් සහ ජාතික ජලසම්පාදන මණ්ඩලයේ නිළධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරී මහත්වරු සහභාගී වූහ.