13 වැනි සෞභාග්‍යා ළූණු බීජ නිෂ්පාදන ගම්මානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාසයේ 159 මයිලගස්වැව තුලානේ දී (26) ඇරඹිණි.
ඒ සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි
සෘජු ප්‍රතිලාභී පවුල් 100 කින් සමන්විත මෙම ලොකු ළූණු බීජ නිෂ්පාදන ගම්මානය සදහා සෞභාග්‍යා වැඩසටහන් මාලාව යටතේ රුපියල් ලක්ෂ 100 ක් වෙන් කොට තිබේ.
මෙම අවස්තාව සදහා දිස්ත්‍රික් ක්‍රම සම්පාදන සැලසුම් අධ්‍යක්ෂක සුගත් නයනානන්ද, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක ඩබ්ලිව් .ඒ වසන්ත, සහකාර අධ්‍යක්ෂක මහින්ද වීරකෝන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීහු සහභාගී වූහ.