ඔහු මේ බව පැවසුවේ, අද (27) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී වයස 60ට වැඩි පිරිස් ප්‍රථමයෙන් එන්නත්කරණයට ප්‍රම්ඛතාවය දුන්නේ නම් දැනට සිදුවන මරණ විශාල ලෙස අඩුකරගත හැකි නොවන්නේද යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.
එහිදී ලංකාවේ ප්‍රථම වතාවට එන්නත්කරණය කරන ලද්දේ සෞඛ්‍ය සේවකයින්, ආරක්ෂක හමුදා වල පිරිස් ඇතුළු රෝගයට වැඩිලෙස මුහුණදී සිටින පිරිස් බවද, ඉන්පසු බස්නාහිර පළාතේ ඉතාම වේගයෙන් රෝගය පැතිරී ගිය ජනගහණයන් ජීවත් වන වතු ආශ්‍රිත ප්‍රදේශ වල පිරිස් එන්නත්කරණය මුල් අවස්ථාවේ සිදුකළ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.
රෝගය පැතිරීයාමේ අවධානම සැළකිල්ලට ගනිමින් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි නිර්දේශයන් සමග මෙන්ම ශ්‍රී ලංකාවේ වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනූව එන්නත්කරඛය කිරීම සඳහා කණ්ඩායම් තෝරාගත් බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.
මෙහිදී යම් යම් හේතූන් නිසා විවිධ කාණ්ඩ සදහා ප්‍රමුඛතාවය ලබාදුන් බවද, රජය සහ සෞඛ්‍ය අංශ එය ඉතාමක් සද්භාවයෙන් සිදුකළ ක්‍රියාවක් බවද,රෝගීන් වාර්තාවීම සහ සංකූලතා අනූව 60ට වැඩි අයටත් ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද අවධාරණය කළේය.
එය ඉතාමත් විනිවිද පෙනෙන භාවයෙන් කළ කටයුත්තක් බව සැවොම දන්නා කරුණක් බවද ඔහු සදහන් කළේය.