මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය මෙන්ම ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතිවල සැලැසුම් පිළිබඳව ද අමාත්‍යවරයාගේ අවධානය මෙහිදී යොමු විය.
“ මෙම ව්‍යාපෘති සැලසුම් කිරීමට , ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ සියළුම නිලධාරීන්ට මම ස්තූතිවන්ත වෙනවා. සෞභාගයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුව 2030 වන විට
පුනර්ජනනීය බලශක්තිය භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීමේ දී පුනර්ජනනීය බල ශක්තිය ලබා ගැනිම පිළිබඳව අපි විවෘතව කතා කළ යුතු වෙනවා. මේ 70% කියන ප්‍රමාණය අඩු වැඩි කිරීම පිළිබඳව අවධානය යොමු කිරීම නොවෙයි මෙහිදී වැදගත්වන්නේ . දැනට ක්‍රියාත්මක කළ හැකි සියළු ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතුයි. "
"2025 දක්වා වන කාලය තෙක් නිම කිරීමට නියමිත ව්‍යාපෘති සැලසුම්වල කිසියම් ගැටළුවක් පැන නැගී නැත්නම් අපිට පුළුවන් එම ව්‍යාපෘති කඩිනම් ක්‍රියාත්මක කිරීමට . ඇතැම් අවස්ථාවන්වල ව්‍යාපෘති සැලසුම් නිර්දේශවුණත් ආයෝජකයන් පැමිණි විට ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි යැයි පවසනවා . යළිත් එවැනි දේවල් සිදු නොවිය යුතුයි. "
සූර්ය පැනල විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස අයක්‍රම සංශෝධන කමිටුවක් (Tariff committee ) පත් කිරීම සුදුසුබව පෙන්වා දුන් අමාත්‍යවරයා අදාළ කමිටුව පත් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියට උපදෙස් ලබා දෙන ලදී.
"මේ සියළු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මතුවිය හැකි ගැටළු සම්බන්ධයෙන් පූරෝකථනයක් දැන්ම කරල තියා ගන්න. ඉදිරියේ දී මතුවිය හැකි ගැටළු මොනවාද යන්න පිළිබඳව විමසිලිමත්
වෙලා එම ගැටළු නිරාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්න. ඒ වගේම මීට පෙර සිදුවු අඩුපාඩු මඟ හරිමින් කටයුතු කිරීමට වගබලා ගන්න."යැයි රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමේ දී ජනතාව විසින් වගා කටයුතු සඳහා අත්පත් කරගෙන ඇති රජයේ ඉඩම් හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් නිදහස්
කර ගැනීමේ අවශ්‍යතාව මතුව පවතී. ඊට අවශ්‍ය පියවර ගැනීම පිණිස වනසංරක්ෂණ අමාත්‍යතුමා හා වනසංරක්ෂණ අමාත්‍යාංශ ලේකම්තුමන් සමඟ සාකච්ඡා කිරීමට ඉදිරි සතියේ දිනයක් හා
වේලාවක් වෙන් කිරීමට කඩිනමින් කටයුතු කරන මෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබාදුනි.
මෙම අවස්ථාව සඳහා විදුලිබල අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය , සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එන්.සී ෆර්ඩිනෑන්ඩු මහතා, , ලංකා විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන් මහතා, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ මහතා , ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී එන්.ඩබ්.කේ හේරත් මහතා, සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ අධ්යක්ෂ ( සංවර්ධන) සුලක්ෂණ ජයවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.