පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට

    ජූලි 30, 2021

    දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමය වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් කෙරේ.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් රුපියල් මිලියන තිස්එක්දහසක් වැය කර ඉදිකරන ලද දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමය වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය විද්යුත් මාර්ගස්ථ ක්‍රමවේදයට අනුව ජනතා අයිතියට පත් කිරීම (28) අරලියගහ මන්දිරයේ දී සිදු විය.

    ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ පූර්ණ මැදිහත් වීම තුලින් මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය කඩිනමින් නිම කිරීමට හැකි වූ අතර අද දින ජනතා අයිතියට පත් කල මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ අඹන්ගඟ, උකුවෙල සහ උඩතැන්න යන ජල ව්‍යාපෘති 03 ක් විවෘත කරනු ලැබුහ.

    රුපියල් මිලියන 5,440 ක වියදමකින් ඉදිකරනු ලැබු අඹන්ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 20,000 ක් (විසිදහසක්) ලබාදීමට කටයුතු කරන අතර මේ තුලින් පිරිසිදු පානීය ජලය ලබාගන්නා ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 76,740 වෙනවා. පල්ලේපොල, යටවත්ත, නාවුල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මේ තුලින් ආවරණය වන අතර මෙයට ඇතුලත් වන ග්‍රාම නිළධාරී වසම් සංඛ්‍යාව 115 කි.

    උකුවෙල ජල සම්පාදන ව්‍යාපෘතිය ද විසල් මාතලේ ජල යෝජනා ක්‍රමයට ඇතුලත් තවත් ව්‍යාපෘතියක්. රුපියල් මිලියන 3,150 ක වියදමකින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 8,000 ක් පමණ ලබාදෙන අතර ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 31,908 ක්. උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 22 ක ජනතාව සඳහා මේ යටතේ පානීය ජල පහසුකම් හිමිවේ.

    විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ විවෘත වන අනෙකුත් ජල සම්පාදන ව්‍යාපෘතිය උඩතැන්නයි. මෙයින් 47,918 පමණ ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවකට සෙත සැලසෙන පරිදි නව ජල සම්බන්ධතා 12,000 ක් ලබාදීමට කටයුතු කර තිබෙනවා. උකුවෙල සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල ග්‍රාම නිළධාරී වසම් 37 ක් මෙයින් ආවරණය කෙරේ. මේ සඳහා වැය කරන ලද සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3,250 කි.
    මෙම සියළු ජල සම්පාදන ව්‍යාපෘතීන් ඉදිකර අවසන් වූ පසුව මාතලේ දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ආවරණය 30% සිට 90% දක්වා වැඩිකිරීමට හැකියාව ඇත.

    ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සනත් නිශාන්ත මැතිතුමා, ප්‍රංශ තානාපති ගරු එරික් ලැවටු මැතිතුමා (Hon. Eric Lavertu) සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම මහතා ද මෙහිදී අදහස් දැක්වීය

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya