පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකා - නවසීලන්ත දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රම පිළිබඳ සාකච්ඡාක්

    ජූලි 30, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රථම නේවාසික නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පසුගිය 28 දින හමුවිය.

    අභිනව මහ කොමසාරිස්වරයා සාදරයෙන් පිළිගත් රාජ්‍ය අමාත්‍යවරයා, දෙරට අතර පවත්නා සුහද සබඳතා ගොඩනගා ගැනීම සඳහා පවතින හැකියාව පෙන්වා දුන්නේය. නවසීලන්තය සමඟ වෙළඳ සබඳතා තවදුරටත් විවිධාංගීකරණය කිරීමේ හා පුළුල් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කළ එතුමා, අනාගත නවසීලන්ත ආයෝජකයින් සඳහා ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල, විශේෂයෙන් ආර්ථික කලාපවල සහ කොළඹ වරාය නගරයේ පවතින අවස්ථාවන් පිළිබඳව අවධාරණය කළේය.

    රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා සහ මහ කොමසාරිස් ඇපල්ටන් මහතා , රාජ්‍ය අමාත්‍යාංශය විසින් මෑතක දී දියත් කරන ලද නිර්මාණාත්මක ආර්ථික ක්ෂේත්‍රය පිළිබඳ වැඩසටහන තුළ දෙරට අතර සහයෝගිතාව ඇති කරගත හැකි ආකාරය පිළිබඳව ද සාකච්ඡා කළහ. ක්‍රීඩා, අධ්‍යාපනය සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශවල වැඩිදුර සහයෝගීතාව කෙරෙහි ද ඔවුහු අවධානය යොමු කළහ.

    කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ සහ විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියා අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya