පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව සහ මොනකෝ අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආර්ථික සබදතා බවට පත්කර ගැනීමේ සාකච්ඡා

    ජූලි 30, 2021

    ශ්‍රී ලංකාව සහ මොනකෝ අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආර්ථික සබදතා බවට පත්කර ගැනීමේ සාකච්ඡා ඇරඹේ

     ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ඒවා ශක්තිමත් ආර්ථික සබඳතා බවට පරිවර්තනය කළ හැකි ක්‍රම පිළිබඳව ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය හා මොනකෝ කුමාර රාජ්‍ය සමග සාකච්ඡා පවත්වා තිබේ.

    ශ්‍රී ලංකා රජය හා මොනකෝ කුමාර රාජ්‍ය අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ආරම්භ කර වසර පහක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තානාපති හිරිඹුරේගම මහත්මිය ඉකුත් 21 වනදා ප්‍රංශයේ මොනකෝ තානාපති ක්‍රිස්ටෝෆ් ස්ටයිනර් මහතා හමු වී මෙම සාකච්ඡා පවත්වා තිබේ. මොනකෝ යුරෝපයේ බොහෝ මූල්‍යකරුවන් සඳහා පහසුකම් සපයන ලොව වැඩිම ඉල්ලුමක් සහිත මූල්‍ය කේන්ද්‍රස්ථානයක් වන අතර, එය සුපිරි යාත්‍රා හිමිකරුවන් එක් රැස්වන ස්ථානයක් ලෙසත් මධ්‍යධරණී මුහුදේ වඩාත් ජනප්‍රිය යාත්‍රා නැව් තටාකයක් ලෙසත් සැලකේ.

    යාත්‍රා, මැණික් හා ස්වර්ණාභරණ වැනි සුඛෝපභෝගී අපනයන සඳහා ශ්‍රී ලංකාව සුප්‍රසිද්ධ ගමනාන්තයක් වන අතර, මොනකෝ සමඟ පවතින ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම දෙරටටම යහපත් විය හැකි බව තානාපති හිරිඹුරේගම මැතිණිය පැහැදිලි කළාය.

    රජයන් දෙකම උනන්දුවක් දක්වන සාගර සංරක්ෂණය, තිරසාර සංවර්ධනය, පර්යේෂණ සහ නව්‍යකරණය වැනි පොදු කාරණා සහ එක්ව කටයුතු කිරීම පිළිබඳව තානාපතිවරයන් දෙදෙනා සාකච්ඡා කළහ.

    දෙරට අතර සහයෝගිතාව හා මිත්‍රත්වය වර්ධනය කිරීමට හා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බොහෝ ක්‍රියාකාරකම්වල ආරම්භක පියවරක් ලෙස මෙම විශේෂ රැස්වීම පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පවත්වන ලදි.පැරීසියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් දුලන්ජි හේරත් මහත්මිය සහ පැරීසියේ මොනකෝ තානාපති කාර්යාලයේ උපදේශක සෙවරින් ඩුසෙන්ට්පෙරේ මහත්මිය ද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya