''වසංගතය හමුවේ ආර්ථික කළමනාකරණය'' යන මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී අද ( 30 දා ) පැවති මාධ්‍ය හමුවේදී විදේශ සංචිත සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පැවසීය.
ඒ අනුව විදේශ ආයෝජන සඳහා ආයෝජකයන් ගෙන්වාගැනීම සම්බන්ධයෙන් රජය කටයුතු යොදවා ඇති බවත්,මේ මොහොතේ දී විදේශ සංචිත වැඩි කර ගැනීම සඳහා වරාය නගරය වැනි ව්‍යාපෘති යොදා ගැනීම ප්‍රධාන අපේක්ෂාව බවත්, ලේකම් එස් .ආර් ආටිගල මහතා පැවසීය.
එමෙන්ම කෙටි කාලීන විදේශ මුල්‍ය සංචිත වැඩි කරගැනීම සඳහා විදේශ හුවමාරු ණය වැනි දේ යොදාගත හැකි බවද ලේකම්වරයා පැවසීය.
එමෙන්ම ඉදිරියේදී රට විවෘත කිරීමෙන් පසුව සංචාරක කර්මාන්තය වැනි විදේශ ආදායම් ඉපැයූ කර්මාන්ත නැවත යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවත් කීය.