දෙරට අතර පවතින අන්‍යොන්‍ය සහයෝගීතාවය වැඩි දියුණු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා
රජය ගෙන යන වැඩ පිළිවෙළ මෙහිදී මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක් වු අතර මෙරට අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සංවර්ධනය මෙන්ම නව නීති ප්‍රතිසංස්කරණ කිරීම සඳහා
සිදු කර ඇති වැඩ පිළිවෙළ පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරයා දැනුවත් කළේය.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දිගු කාලයක සිට දැඩි මිත්‍රත්වයක් පවතින බවත් මෙරට ආර්ථික සංවර්ධන කටයුතු සඳහා නවසීලන්ත රජය ලබා දෙන සහයෝගය අගය කරන බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.