මගී හා භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට බලපාන කරුණු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වූ අතර ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම ව්‍යාපාර ඇතුළත් Fortune 500 දර්ශකයට අයත් ප්‍රමුඛතම සමාගම් වල සහාය ලබාගෙන ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමට ලබා දිය හැකි සහාය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා විය.
මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංයේ ලේකම් මොන්ටි රණතුංග, ඇමරිකානු තානාපති කාර්යාලයේ වාණිජ නිලධාරි ලුයිස්. ජී .සලාස් (Luis.G.Salas) හා ප්‍රවාහන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් තුෂාර වජිර පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වූහ.