මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් අමාත්‍යවරිය මේ බව පවසා තිබේ.
අමාත්‍යවරිය තවදුරටත් මෙසේ ද පැවසීය.
“එන්නත්කරණ වැඩපිළිවෙලේ දී 30 වැනිදා ජනතාවට එන්නත් පන්ලක්ෂ පහළොස්දහස් අටසිය විසි දෙකක් (515822) ලබා දී තිබෙනවා. එය මේ දක්වා දිනකදී ලබා දුන් වැඩිම එන්නත් ප්‍රමාණය.දත්ත අනුව සීඝ්‍රයෙන් එන්නත්කරණය සිදුකරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කාර්ය මණ්ඩලය, ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් විශාල කර්තව්‍යයක් එන්නත්කරණය සම්බන්ධව සිදු කරනවා. මියගිය අයගෙන් 60% ක් කිසිම එන්නතක් ලබා නොගත් අයයි. වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මෙම එන්නත ලබාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.අපට අවශ්‍ය ජනතාව මරණයෙන් බේරාගැනීමටයි ''යැයි පැවසුවාය.