අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (02) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සියලුම රාජ්‍ය නිලධාරින් අද සිට සේවයට වාර්තා කර ඇති බවත් පාසල් ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයද පාසල් වලට පැමිණ, තම පාසල් විවෘත කිරිමේ පෙර සූදානම් කටයුතු වල යෙදෙන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසීය.
අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පුම්‍රඛ , කැබිනට් මණ්ඩලය රැස් වන බවත් එහිදී ගුරු විදුහල්පති ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කර නිරාකරණය කිරීමේ උපරිම උත්සාහය කරන බවද කීය. මෙරට 10,165ක් පාසල් තිබෙන අතර, ඒ අතුරින් සිසුන් 50ට අඩු පාසල් 1439ක් සහ සිසුන් 51 -100 අතර පාසල් 1523ක් ඇත. ඒ අනුව මෙරට තිබෙන , සිසුන් 100ට අඩු පාසල් 2962ක් ඇතැයි පැවසූ අමාත්‍යවරයා , දෙවන මාත්‍රාව ලබා දුන් පසු පාසල් ආරම්භ කිරීමේ ප්‍රථම පියවර වශයෙන් මෙම පාසල් විවෘත කළ හැකි බවද අනතුරුව ක්‍රමානුකූලව පියවරෙන් පියවර පාසල් විවෘත කරන බවද කීය.
පසුගිය සතියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග වෘත්තීය සමිති නියෝජනය කරන සියළු ගුරු විදුහල්පතිවරු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළේය.ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව වසර 24ක් පමණ දීර්ග කාලයක් තිස්සේ පවතින ගැටළුවක් බව පැවසූ අමාත්‍යවරයා, සංවේදී රජයක් වශයෙන් එම ගැටළුව විසඳීමේ අවංක ප්‍රයත්නයක් ගන්නා බවද කීය.
ගුරුවරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා , කොවිඩ් මර්ධන දෙවන මාත්‍රාව එළඹෙන අගෝස්තු මස අවසානයේ ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව පාසල් විවෘත කිරීමේ හැකියාවක් ඇතැයිද කීය.මේ වන විට සමස්තු ගුරුවරුන්ගෙන් 83%කට, කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇතැයි පැවසූ අමාත්‍යවරයා බස්නාහිර පළාතේ 98%කට කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබා දී ඇති බවද කීය.
විභාග පවත්වන දින පවා ප්‍රකාශයට පත් කර ඇති මෙවන් මොහොතක ප්‍රමුඛ අවශ්‍යාතාවය වන්නේ සෞඛ්‍ය නිර්දේශ වලට යටත් වෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම බවයි. එහි පළමු අදියර වශයෙන් අධ්‍යන සහ අනධ්‍යයන කාර්යය මණ්ඩලයට එන්නත් ලබා දුන් බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, වැඩවර්ජන හේතුවෙන් වඩාත් අසාධාරණයට ලක්ව ඇත්තේ අඩුපහසුකම් සහිත වරප්‍රසාද නොමැති මෙරට දුෂ්කර පළාත් වල දරුවන්ට බවය.