කොන්ත්‍රාත් පදනමින් සේවය කරන අය ද සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට දායක කිරීම අනිවාර්යය. එම නිසා ඔවුන්ගේ ඉපයීම් පදනම් කරගෙන සේවක අර්ථසාධක අරමුදලට හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලට ඔවුන් දායක කර ගැනීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
මෙරට ක්‍රියාත්මක විවිධ රක්ෂණ සමාගම් (23 ) විසි තුනකට අනුබද්ධව ශ්‍රී ලංකා පුරා විසිරී සිටින ජීවිත රක්ෂණ නියෝජිතයන්ගේ සංවිධානයන්හි නියෝජිතයන් සමඟ
කම්කරු අමාත්‍යවරයා පසුගියදා කම්කරු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මේ බව පැවසීය.
ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ සේවයේ නියුතු ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ලෙස සේවය කරනු ලබන 45,000 ට ආසන්න පිරිසකට නිසි සමාජ ආරක්ෂණ වැඩ
පිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැත. එම නිසා ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාව පිළිබඳව සහ ආයතනගත වෘත්තීය බැඳීම පිළිබඳ නිශ්චිතතාවයක් මෙතෙක් ගොඩනැඟී නොමැත.
රක්ෂණ නියෝජිතයන් මුහුණ දී ඇති අනාගත හා වෘත්තිය අස්ථාවරත්වය පිළිබඳ දශක ගණනාවක් පුරා විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා කරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් ඇතත් ඒ මේ සඳහා සාධනීය පියවරක් මෙතෙක් ඉදිරිපත් නොවූ බව රක්ෂණ නියෝජිතයෝ පෙන්වා දෙන ලදුව විශේෂයෙන් කොවිඩ් වසංගත තත්වය හමුවේ තම වෘත්තයට දැඩි බලපෑමක් එල්ල වූ බවත්, මෙම රක්ෂණ සමාගම් තමන් එම සමාගමේ සේවකයන් ලෙස සැලකීම අතපසු කොට ඇති බවත් ඔවුහූ පෙන්වා දුන්හ.
එසේම රක්ෂණ සමාගම්වල සෙසු පොදු රක්ෂණ අලෙවි නියෝජිතයන්ට එම සමාගම්වල ස්ථීර පත්වීම් ලබා දෙමින් සේවක අර්ථසාධක අරමුදල් හා සේවා නියුක්තියන්ගේ භාර අරමුදලේ දායකත්වය ලබා දී තිබිය දී, ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන්ට පමණක් එය ලබා නොදෙන බව ද මෙම අලෙවි නියෝජිත සියලු දෙනාටම ලබාදී ඇත්තේ එකම පත්වීම් ලිපියක් බව ද මෙහි දී ජීවිත රක්ෂණ අලෙවි වෘත්තීය නියෝජිතයෝ පෙන්වා දුන්හ.
මෙම රක්ෂණ ක්ෂේත්‍රයේ වසර විස්සකට අධික කාලයක් අඛණ්ඩව සේවය කරන ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් සිටින බවත් ඔවුන්ගේ අනාගත සුරක්ෂිතතාවයට කිසිදු වැඩපිළිවෙලක් මෙතෙක් ක්‍රියාත්මක ව නොමැති නිසා රජයෙන් එවැනි වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත්, ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් පිළිබඳව ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කතා කළේ, නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා බැවින් ඔහුට සිය සමස්ත සිය සමස්ත සාමාජිකත්වය ප්‍රණාමය පුද කරන බව ද ඔවුන් විසින් පවසන ලදී.
රක්ෂණ ක්ෂේත්‍රය යනු දැනට ශ්‍රී ලංකාවේ අධික ලාභයක් හා ආදායමක් ලබන ක්ෂේත්‍රයක් බවට පත්වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ පිළිබඳව රක්ෂණ සමාගම් පාලක නියෝජිතයන් කැඳවා සාකච්ඡා කොට රක්ෂණ අලෙවි නියෝජිතයන්ගේ සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළ සඳහා ඉක්මන් විසඳුමක් ලබාදීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය කම්කරු නීති රාමුව සකස් කිරීම කඩිනමින් ආරම්භ කරන බවත් මෙහි දී අමාත්‍යවරයා පැවසීය.
මෙම සාකච්ඡාවට අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ මහතා ද මහතාද කම්කරු කොමසාරිස් ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජීවිත රක්ෂණ අලෙවි නියෝජිතයන් ගේ ජාතික සම්මේලනයේ සභාපති ඩබ්ලිව්.චන්ද්‍ර බණ්ඩාර, ලේකම් රමේෂ් පතිරණ, ජාතික සංවිධායක ඩී.බී.ජේ.සුරංග, භාණ්ඩාගාරිකා ඉනෝකා පෙරේරා යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.