කොළඹ විහාර මහා දේවී උද්‍යාන පරිශ්‍රයේදීද, ඊයේ (අගෝස්තු 1) දින මෙම එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන ලදි. ඒ අනුව අද සහ හෙට විහාර මහා දේවි උද්‍යානයේ එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘතව පවති.
නාරාහේන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය (යුද හමුදා පන්සල) සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා කඳවුර පරිශ්‍රයේ එන්නත් කිරීමේ මධ්‍යස්ථාන අද උදෑසන සිට සවස් කාලය දක්වා ක්‍රියාත්මක වේ.
එසේම, ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් සියළුම දෙනා සඳහා දෙවන මාත්‍රාව ලබාදීම ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ධර්මාලෝක විද්‍යාලය, කඩවත කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය යන ස්ථාන වල ඇති එන්නත්කරණ මධ්‍යස්ථාන මගින්ද අඛණ්ඩව සිදු කෙරේ.
දෙවන මාත්‍රාව ලබාගැනීමට බලාපොරොත්තු වන ජනතාවට තම එන්නත් කාඩ්පත සහ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණෙන ලෙස යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් පරිදි ජාතික එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව සිදු කෙරේ.