පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ''සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන'' 1000ක් දිවයින පුරා පිහිටුවීමට පියවර

    අගෝස්තු 02, 2021

    සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන 1000ක් දිවයින පුරා පිහිටුවීමට පියවර ගෙන ඇතැයි සෞභාග්‍යා සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ නිලන්ත වික්‍රමනායක මහතා පැවසීය

    ඒ මහතා මේ බව පැවසුවේ, අද (02) ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ zoom තාක්ෂණය ඔස්සේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    සෞභාග්‍යා දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීමට මෙන්ම දේශිය නිෂ්පාදන සඳහා දිරිගැන්වීමෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමට සෞභාග්‍යා නිශ්පාදන ගම්මාන වැඩසටහන කියාත්මක වන ආකාරය පිළිබඳව වික්‍රමනායක මහතා කරුණු දැක්වීය.

    සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන කියාත්මක කිරීමේ දී හැකියාවක් සහිත ව්‍යවසායකයින් සිටින ගම්මාන තෝරා ගැනීමට ප්‍රමුඛතාවය ලබාදීම,ගම්මානයක ප්‍රතිලාභීන් අවම 20ක් සිටිම,ප්‍රතිලාභ දීමේ දී සෑම ගම්මානයක් සඳහා උපරිමය රුපියල් මිලියන 10ක් දක්වා රාජ්‍ය ප්‍රතිපාදන ලබාදීම ආදි නිර්ණායකයන්ට යටත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව වික්‍රමනායක මහතා පැවසීය.

    සමෘද්ධි සහනාධාර ලබන පුද්ගලයන් පමණක් නොව නිෂ්පාදනය කිරීමට හැකියාව පවතින අඩු ආදායම් සහිත පුද්ගලයන් හෝ ව්‍යවසායකයෙක් නම් ඔවුන් මෙම වැඩසටහන සඳහා සම්බන්ධ කරගන්නා බවද අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේ ය.

    එමෙන්ම රාජ්‍ය ආයතනය හෝ අර්ධ රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු ව්‍යවසායකයෙක් මෙම ගම්මානවල වේ නම් ඔවුන්ටද නිෂ්පාදන ගම්මානවලට පොදුවේ ලබාදෙන පහසුකම් ලබා දෙයි.

    මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා දීමේ දී පුද්ගල ව්‍යාපාර සංවර්ධන සඳහා පුද්ගලිකව ප්‍රදානයන් සිදුකරන අතරම එය සියයට දහයේ ප්‍රජා දායකත්වය යටතේ සිදුවන බවත් එමෙන්ම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතින්ද මේ ගම්මාන සඳහා සිදු කරනු ලබන අතර එහිදි ව්‍යාපාර සඳහා සෘජුවම දායකවන යටිතල පහසුකම් වන ගබඩා පහසුකම් ,මාර්ග සංවර්ධන,ජල සම්පාදන,කාණු පද්ධති සංවර්ධනය ආදී කටයුතු සඳහා රජය මැදිහත්වීමෙන් ප්‍රතිපාදන ලබා දෙන බවත් ප්‍රකාශ කළේය .

    රජය මගින් රුපියල් මිලියන 5300ක ප්‍රතිපාදන මේ සදහා ලබාදී ඇති බවත් මේ වනවිට රුපියල් මිලියන 2300ක පමණ ප්‍රතිපාදන නිෂ්පාදන ගම්මාන 508ක් සඳහා ලබාදී ඇති බවත් මෙම ව්‍යාපෘතිය මගින් ව්‍යවසායකයන්ට තමන්ගේ ව්‍යාපාරයක් කීරීමට අවශ්‍ය උපකරණ ලබාදෙන බවත් මෙම ප්‍රතිපාදන සමෘද්ධි බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දෙන බවත් නිලන්ත වික්‍රමනායක මහතා පැවසීය .

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya