අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය මොහාන් සිල්වා හා නීතිපති ජනාධිපති නීතීඥ ගරු සංජය රාජරත්නම් යන මහත්වරුන් මීට එක්විය.
සාගරයේ ගිලී ඇති නැවෙන් තෙල් කාන්දුවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා වු අතර ඒ පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටින ලෙස අධිකරණ අමාත්‍යවරයා විසින් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීය, ශ්‍රී ලංකා නාවික හමුදාව, නාරා ආයතනය හා වෙළද නාවික ලේකම් කාර්යාලය ඇතුළු නිලධාරීන් වෙත දැන්වීය.
ගිනිගත් නැවෙහි කොටස් මුහුදු වෙරළ වෙත පැමිණීම හේතුවෙන් වෙරළ පද්ධතියට වන හානිය මෙන්ම පවිත්‍ර කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ වශයෙන් අවධානය යොමු වු අතර එහිදී වෙරළ පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා යම් ගෙවීමක් සිදු කර ධීවර ජනතාව ඒ සඳහා එක් කර ගත හැකි ද යන්න පිළබඳව තවදුරටත් සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
විශේෂයෙන් අනාගතයේදී මෙවැනි සිදුවීමක් සිදු වුවහොත් ඒ සඳහා මුහුණදීමේ ජාතික කමිටුවක් සියලු පාර්ශව විසින් සාකච්ඡා කර සුදුසු පරිදි සකස් කළ යුතු බවත් ඒ සඳහා කඩිනමින් කටයුතු කළ යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
නැවෙහි ඇති වු ගින්න හේතුවෙන් සිය රැකියා අහිමිව පීඩාවට පත් ධීවර ජනතාවට වන්දි මුදල් ලබාදීමේ කටයුතු මේ වන විටත් සිදු කරමින් පවතින බවත් සම්පුර්ණ වන්දි මුදල් ලබා ගැනීමට අදාළ කටයුතු තවදුරටත් සිදු වන බවත් මෙහිිදී සාකච්ඡා විය.
සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරීය, ශ්‍රී ලංකා නාවික හමුදාව, විදේශ කටයුතු අමාත්‍යාංශය, වෙළද නාවික ලේකම් කාර්යාලය, නාරා ආයතනය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් මෙතෙක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර ඇති හා ඉදිරියට සිදු කිරීමට නියමිත ක්‍රියාමාර්ගයන් පිළිබඳව අදහස් පළ කළේය. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නෙ මහතා ඇතුළු අමාත්‍යාශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන්, නීතිඥවරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.