මහවැලි කලාප ආශ්‍රිත ඇළවේලි හා ජනාවාස පොදුයටිතලපහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ඉදිකෙරෙන මෙම පැති බැම්ම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 210 කි.
මහවැලි ගඟ ඛාදනය වීම හේතුවෙන් ගැටඹේ විහාරස්ථානය ඇතුළු ඒ අවට රාජ්‍ය ආයතන ගොඩනැගිලි වල ආරක්ෂාව සඳහා ආරක්ෂිත බැම්මක් ඉදිකිරීමේ කඩිනම් අවශ්‍යතාවය ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමිපානන් වහන්සේ විසින් 2012 වසරේ එවකට ජනාධිපතිවරයාව සිටි වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ඉදිරිපත් කර තිබුණි.
එම ඉල්ලීමට අනුව ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය සහ ඒ අවට රාජ්‍ය ආයතන ගොඩනැගිලි වල ආරක්ෂාව සඳහා මෙම ආරක්ෂිත බැම්ම ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදියර හතරක් යටතේ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් සැලසුම් කරන ලදි.
ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ, පූර්ණ මඟපෙන්වීම මත ඊයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය, වසරක් තුළ නිමා කිරීමට නියමිතය.
පැති බැම්මේ දිග මීටර් 85 ක්, වන අතර වේල්ලේ උස මීටර් 17 කි. ඉදිකිරීම් සිදුකරනු ලබන්නේ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධීක්ෂණය යටතේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව විසිනි.
මහවැලි ගං ඉවුරේ ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීම ට පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය වෙත ගොස්, කැප්පෙටියා ගොඩ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ බැහැදුටුහ. අනතුරුව නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
මෙහිදී ව්‍යාපෘති සමරු පලකය, නාමල් රාජපක්ෂ අමාත්‍ය වරයා ප්‍රධාන සිරිපාල ගමලත්, අනුරාධ ජයරත්න යන රාජ්‍ය අමාත්‍යවරු විසින් නිරාවරණය කරන ලදි.
මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන උදයන කිරිඳිගොඩ, ගුණතිලක රාජපක්ෂ ,වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරු සහ මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය , මහාමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක මහතා, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති ඉංජිනේරු DPM චන්දන මහතා, මහවැලි ප්‍රධාන ජලාශ හා වේලි භාර මෙහෙයුම් අධ්‍යක්ෂ ඉංජිනේරු රෝහන අරුප්පොළ මහතා, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ දායක දායිකාවන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.