එම පුනර්ජනනීය ව්‍යාපෘති අතුරින් සූර්ය හා සුළං ( Solar & Wind) ව්යාපෘතීමාධ්ය නිවේදනයන්ට අදාළ ඉදිකිරිම් සිදු කරන සමාගම් නියෝජිතයන් කැඳවා අදාළ ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරිමට කටයුතු කරන මෙන් දැනුවත් කිරීමේ රැස්වීමක් පසුගියදා (30) සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාර පරිශ්‍රයේ දී පැවැත්විණ. එහිදී අමාත්‍යවරයා මේ බව පැවසීය
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාගය දැක්ම " ජාතික ප්‍රතිපත්ති මාලාවට අනුකූලව 2030 වන විට පුනර්ජනනීය බලශක්ති භාවිතය 70%ක් දක්වා ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ගෙවුණු වසර 10ක පමණ කාලයක් තුළ රජයන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වූ 550MWට වැඩි ධාරිතාවයකින් යුතු පුනර්ජනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුව විසින් ඔවුනගේ නිර්දේශ පසුගියදා කැබිනට් පත්‍රිකාවක් ලෙස කැබිනම් මණ්ඩලයට ඉදිරිපත් කළ අතර එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය.
එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
" අපි මේ ව්‍යාපෘති බොහොම අමාරුවෙන් clear කර ගත්තේ , තවත් මේ ව්‍යාපෘති පමා කරන්න මගේ කිසිම අදහසක් නැහැ. අපි අමාත්‍යංශයක් විදිහට අපේ පැත්තෙන් කරන්න අවශ්‍ය උපකාර නොපමාව ඉටු කරනවා . ඔබලාට කාලයක් ලබා දෙනවා . ඒ කාලය ඇතුළත මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවාද නැද්ද යන කාරණය පිළිබඳව තීරණය කළ යුතුයි. නැත්නම් මෙම ව්‍යාපෘති අළුතින් කැඳවීමට කටයුතු කරනවා .
මීට පෙරත් මම මාස තුනක (03) කාලයක් ලබා දීමෙන් අනතුරුව ව්‍යාපෘති 68 ක් කැන්සල් කිරීමට කටයුතු කළා. බොහෝ ව්‍යාපෘති භාරගත් පිරිස් විසින් ඉහළ යන ඩොලරයේ අගයේ වාසිය ලබා ගැනීමේ අරමුණින් ව්‍යාපෘති කල් දැමීමට ක්‍රියා කරනවා. ඒ නිසා ලබන මාසේ අග වෙනකොට ඩොලර් එක රුපියල් 250ක් දක්වා ඉහළ යයි කියල හිතල ඒ වාසිය ලබා ගැනීමේ අරමුණින් ව්‍යාපෘති කල් දාන්න එපා . "
" ජනාධිපතිතුමා විසින් අපට බාර දී තිබෙන ඉලක්කය අසීරු ඉලක්කයක් වුවත් එය සිදු කළ යුතුව තිබෙනවා. මේ ව්‍යාපෘති කොල කෑලිවල ලියා ගෙන ඉන්න මම කැමති නැහැ. ඒ වගේ මේ තමයි සිදු කරන ව්‍යාපෘති කියල ෆයිල් එකක විතරක් තියාගෙන පෙන්නන් මම කැමති නැහැ. ඒ අනුව ඔබතුමන්ලා අපෙන් ගන්න අවශ්‍ය උදව් ටික ගන්න. "
ඒ වගේම මෙම ව්‍යාපෘති වසර ගණනාවක් ඇදගෙන යන්න එපා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පුද්ගයන්ට උදව් කරන්නට සූදානම් වගේම මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන පුද්ගලයන්ගෙන් ඒවා නැවත ලබා ගන්නට කටයුතු කරනවා කියන විවෘත ප්‍රතිපත්තියේ තමයි මම ඉන්නේ " යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම අදාළ ව්‍යාපෘති සඳහා අනුමැතිය හිමිවු වහාම ඊට අදාළ රාජ්‍ය ආයතනහා ව්‍යවසායකයන් වෙත කඩිනමින් ඒ බව දැනුම් දීමට කටයුතු කරන මෙන් ද රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් හේමන්ත සමරකෝන් මහතා, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිතුමන් , සූර්යබල , සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශ අධ්යක්ෂ ( සංවර්ධන ) සුලක්ෂණ ජයවර්ධන මහතා හා අදාළ සමාගම් නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.