බස්නාහිර පළාතට ඇතුළුවන සහ පිටවන මාර්ග බාධක ස්ථාන 13ක දී පුද්ගලයන් 8849 සහ ඔවුන් ගමන්ගත් වාහන 4433ක් පරීක්ෂාවට ලක් කර ඇත.
එහිදී සංචරණ සීමා උල්ලංඝණය කරමින් වාහන 65 කින් පැමිණි පුද්ගලයන් 139 දෙනෙකු අවවාද කිරීමෙන් අනතුරුව ආපසු හරවා යවා ඇත.
නිරෝධායනය රීතිවලට අදාළව මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලීසිය කියා සිටී.
සෑම අවස්ථාවකම මුව ආවරණ පළඳින ලෙසත් ,පළාත් මායිම්වලදී සිදු කෙරෙන පරීක්ෂාවකදී ජාතික හැඳුනුම්පත හෝ වෙනත් හඳුනාගතහැකි සහතිකයක් හෝ යම් ලිපියක් එහිදී ඉල්ලා සිටි අවස්ථාවක රජයේ සේවකයන් හෝ අත්‍යවශ්‍ය සේවාවල නිරත වන පුද්ගලයන්ට නොපැකිළව එය ලබා දීමට කටයුතු කරන ලෙසත් ශ්‍රී ලංකා පොලීසිය ඉල්ලීමක් කරයි.
නිරෝධායනය රීති උල්ලංඝණය කිරීමේ වරදට අත් අඩංගුවට පත් සමස්ත පුද්ගලයන් ගණන 53030කි.