පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා ඉන්ධන රටට ගෙන්වීම පිළිබඳව ගැටළුවක් නැහැ - වැවිලි කර්මාන්ත

    අගෝස්තු 03, 2021

    අත්‍යවශ්‍ය ආහාර සහ ඉන්ධන රටට ආනයනය කිරීමට ප්‍රමාණවත් මුදල් තිබෙන බවත්,ඒ පිළිබඳව ගැටළුවක් ඇති කර ගත යුතු නොවන බවත් කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (03) ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව කියා සිටියේ,අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු විසින් අසන ලද පැනයකට පිළිතුරු වශයෙනි.

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රටට ගෙන්වීම පිළිබඳව ගැටළුවක් නොමැති බව පැහැදිළිව මුදල් අමාත්‍යංශය මඟින් ප්‍රකාශ කොට තිබෙන බවත්, ඒ සඳහා මාසිකව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පමණ ප්‍රමාණයක් ද, ඉන්ධන සඳහා ඩොලර් මිලියන 200 කට ආසන්න ප්‍රමාණයක් ද වැය කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවට විදේශ විනිමය පිළිබඳව ගැටළුවක් පවතින බවත්, එහෙත් ගෙවිය යුතු ව තිබූ ඩොලර් මිලියනයක ණය ප්‍රමාණය ද පසුගිය මාසයේ 27 වන දා ගෙවා අවසන් කළ බවත්, ඉන්පසු ක්‍රමානුකුලව සංචිත ගොඩනැඟීමේ සහ විදේශ වත්කම් උපයා ගැනීමේ ක්‍රමවේදයන්ට රජය අවතීර්ණ වී තිබෙන අතර එහිදී ප්‍රධාන වශයෙන් අපනයන දිරිමත් කිරීමටත්, රටට අත්‍යවශ්‍ය නොවන දේ ගෙන්වීම අධෛර්යමත් කිරීමටත් කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

    අත්‍යවශ්‍ය ආහාර සම්බන්ධව හිඟයක් පවතින්නේ දැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, මේජර් ජනරාල් (විශ්‍රාමික) එස්. දිසානායක මහතාගෙන් කළ විමසීමේ දී කියා සිටියේ, අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් නොමැති බවත් ඉල්ලුමට අනුව සැපයුම සිදුවන බවත් ය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya