පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    විදෙස් අධ්‍යාපනයට යන දරුවන්ට අදාළ රටවල් පිළිගන්නා එන්නතක් ලබාදෙනවා - අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ

    අගෝස්තු 03, 2021

    විදෙස් අධ්‍යාපනයට යන දරුවන්ට අදාළ රටවල් පිළිගන්නා එන්නතක් ලබාදීමට කටයුතු කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක,වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    පසුගිය දින කිහිපය මුලුල්ලෙහි දැනට වීසා ලැබී විවිධ රට වලට යාමට බලාපොරොත්තුවෙන් සිටින 7000කට ආසන්න ප්‍රමාණයකට ෆයිසර් එන්නත ලබාදී ඇති බවද, ඒ සඳහා ලියාපදිංචි වීමට ක්‍රමවේදයක් පවතින අතර විවිධ රටවලට යන පුද්ගලයින්ට අදාල වීසා බලපත්‍ර සහ තමන්ගේ ගමන් බලපත්‍ර පෙන්වීමෙන් පසුව එම පහසුකම ලබාගැනීමට හැකි බවද සදහන් කළේය.

    මොඩෝනා සහ ෆයිසර් ආදී විවිධ එන්නත් ලංකාවට පැමිණීමට පෙර යම් යම් අඩුපාඩු පවතින්නට ඇති වුවද, අදාල එන්නත් ලැබුණු පසු එන්නත්කරණ ක්‍රමවේදය ඉතාම ක්‍රමවත්ව කරගෙන යන බවට සතුටින් ප්‍රකාශ කළ හැකි බව පැවසීය.

    සයිනොෆාම් එන්නත ලබාගැනීම හේතුවෙන් විදෙස් අධ්‍යාපනය ලබාගැනීම සදහා විදෙස්ගතවීමට නොහැකිව සිටින දරුවන් පිළිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එක් එන්නත් මාත්‍රාවක් ලබාදී ඇති බැවින් දෙවන එන්නත් මාත්‍රාව සදහා වෙනත් එන්නතක් ලබාදිය හැකිද යන ගැටලුව මෙහිදී මතුවන බවයි.

    කොවිෂීල්ඩ් එන්නත සම්බන්ධයෙන් මෙලෙස mixed & match ක්‍රමවේදය යොදාගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයිද, මෙතෙක් සයිනොෆාම් එන්නත සම්බන්ධයෙන් එවැනි ක්‍රමවේදයක් විද්‍යාත්මකව ප්‍රකාශ වී නොමැති බැවින් ගැටලුවක් මතු වන බවද ඔහු පැහැදිළි කළේය.

    මෙම ගැටලුව සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් ලබාගැනීමට සිදුවන බවද, එසේ නොවන දරුවන් හට අදාළ රටවල් වෙත යාමට එම රටවල් වලින් පිළිගත් එන්නත් ලබාදීමට රජය කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    විදෙස් විශ්ව විද්‍යාල වලට යාමට සිටින දරුවන් සදහා එන්නත් වලින් කොටසක් වෙන්කර ඇති බවද ඔවුන්ගෙන් වයස 18ත් 30ත් අතර සිටින අය සදහා විශේෂ වූ වැඩපිළිවෙලක් (Online System) සකස් කර ඇති බවද online ඔස්සේ සිදුන්ට ලියාපදිංචි විය හැකි බවද මාධ්‍ය හමුවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහැදිළි කළේ ය.

    විදෙස් රැකියාවලට යන අයට ද ප්‍රමුඛතාවය ලබාදෙන අතර රටවල් 25ක් පමණ විදෙස්ගතවීම සඳහා විවිධ එන්නත් ඉල්ලා සිටින බවත් මෙම ගැටලුවට විසදුම් ලබාදීම සදහා සෑම එන්නතක්ම අප රට සතුව පවතින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya