පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ක්‍රමවත් ආර්ථික කළමණාකරණ වැඩපිළිවෙලක් ඔස්සේ රට ඉදිරියට ගෙන යා හැකියි- මුදල් රාජ්‍ය ඇමැති

    අගෝස්තු 03, 2021

    ක්‍රමවත් ආර්ථික කළමණාකරණ වැඩපිළිවෙලක් ඔස්සේ නිසි වේලාවට ණය ගෙවමින් සහ රටේ අනෙකුත් අවශ්‍යතා සපුරාගනිමින් රට ඉදිරියට ගෙන යා හැකි බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදය අද (03)පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පවතින වසංගත තත්ත්වය හමුවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය 5%ක් පමණ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේදී සංචාරක ක්ෂේත්‍රයට රට විවර කිරීම කිරීමෙන් තව දුරටත්
    මුදල් ගලා ඒම හරහා මීට වසඳුම් ලැබෙන බවද කීය.

    ශ්‍රී ලංකාව ණය උගුලක හිරවී ඇතැයි අතැමුන් චෝදනා කරන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා එහෙත් ගෙවිය යුතු ණය නියමිත පරිදි ගෙවීමට කටයුතු කරන්නේ යැයිද කීය.

    IMF හරහා ණය ගැනීමට විපක්ෂය යෝජනා කළද විදේශ ණය නොගෙන විදේශ ආයෝජන හරහා ආදායම වැඩිකර ගැනීමට රජය කටයුතු කරන බවද කීය.

    ආණ්ඩුවක් ලෙස මේ වනවිටත් විදේශ ණය ගැනීමෙන් හැකි තරම් ඈත්ව අපනයන හා ණය නොවන විදේශ විනිමය ගලාඒම වැඩි කරගැනීමට තීරණයක් ගෙන තිබෙනවා. එහිදී අපේ විශේෂ
    අවධානය ණය ආපසු ගෙවීම් නිසි ලෙස ඉටුකරගැනීම යොමු කර තිබෙනවා. ඒ ගැන විපක්ෂය කම්පාවීමකට අවශ්‍ය වන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබාගන්නවාද
    නැද්ද යන්න තීන්දු කරන්නේ විපක්ෂය නොව අපයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වසර 2009දී මේ රටට ලැබුණු විශාලතම සමීපස්ථ ණය මුදලවන ඩොලර් බිලියන 2.5ක මුදල
    ලබාගැනීමට අවශ්‍ය සියලු සක්‍යතාවයන් පෙන් වූ අත්දැකීම් ඇති පිරිසක්. ඒ නිසා අපට සමඟ ගනුදෙනු කරන ආකාරය විපක්ෂයේ කිසිවෙක් අමුතුවෙන් කියා දිය යුතු නැහැ.

    2020 ණය ගෙවා ගත නොහැකි යැයි චෝදනා කරමින් බලා සිටි විපක්ෂයේ එම එම සිහින බොද කිරීමට රජයට හැකි වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේද
    රටේ ණය බර ක්‍රම ක්‍රමයෙන් අවම කර ගැනීමට රජයට හැකි වූ බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාව මේ වන විට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ගෙවිය යුතු වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් 17%ක් පමණක් බවද පෙන්වා දුන්නේය. වසර 2014 වන විට ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණයබරතාවය ඇමරිකානු ඩොලර් බිලියන 5කි.එම වසරේ මෙරට දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 79ක් විය. වසර 2019 දී මෙරට ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා පසුගිය යහපාලන රජය ඇමරිකානු ඩොලර් බිලියන 10කින් ණය බර වැඩිකර ගත් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, වසර 2019 ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 83ක් වූ බවද පෙන්වා දුන්නේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya