පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    එන්නත්කරණ වැඩසටහන ජනපති නිරීක්ෂණයට

    අගෝස්තු 03, 2021

    කොළඹ, විහාරමහා දේවී එළිමහන් රංග පීඨ භූමියේ ක්‍රියාත්මක, එන්නත්කරණ මධ්‍යස්ථානය ඊයේ (02) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.

    යුද හමුදාව මගින් ක්‍රියාත්මක මෙම මධ්‍යස්ථානය පැය 24 පුරා විවෘතව ඇති අතර ඊයේ දිනයේ ද විශාල පිරිසක් ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ. ඔවුන් සමග කතාබහ කළ ජනාධිපතිතුමා තොරතුරු ද විමසා බැලීය.

    දින දෙකක් තුළදී 244,251 දෙනෙකු ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති අතර පළමු මාත්‍රාව කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීම ඊයේ (02) ආරම්භ කෙරිණ. එන්නත්කරණ වැඩසටහන සාර්ථක කරගැනීමට කැපවී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල සියලු දෙනාට ජනාධිපතිතුමා සිය ස්තූතිය පළ කළේය.

    සෞඛ්‍ය ලේකම්, මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya