දිවයින පුරා ක්‍රියාත්මක පානීය ජල සම්පාදන ව්‍යාපෘතීන් සම්බන්ධයෙන් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රධාන අමාත්‍යාංශ නිළධාරීන් සහ ජල සම්පාදන මණ්ඩලයේ නිළධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පල කර ඇත.
එහිදී අග්‍රාමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් ලබාදුන්නේ දිවයින පුරා ජනතාවට පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘති කඩිනම් කිරීමට සමගාමීව ජල පෝෂක ප්‍රදේශ වල සංරක්ෂණය සඳහා වහාම පියවර ගන්නා ලෙසයි.
පානීය ජලය නොමැති වීම නිසා විවිධ දිස්ත්‍රික්ක වල ජනතාව විශාල වශයෙන් දුෂ්කරතාවයට ලක්වෙන අතර ඒවාට විසඳුම් ලබාදීම කඩිනම් කල යුතු අතර අවශ්‍ය පානීය ජල ව්‍යාපෘති සඳහා අනුග්‍රාහය, විදේශ ආධාර හෝ ප්‍රදානයන් ලෙස ද ලබාගැනීමට හැකියාව පවතින බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එසේම අලුතින් ශාක වර්ග හා පැල රෝපනය කර ජල පෝෂක ප්‍රදේශය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වන අතර ඒ සඳහා පරිසර අමාත්‍යාංශය හා එක්ව විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇත. මෙහිදී ජල සම්පාදන අමාත්‍යාංශයේ නිළධාරීන් පවසා සිටියේ දිවයිනේ සියළුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි නල මඟින් ආරක්ෂිත පානීය ජලය ලබාදීමේ කටයුතු සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ඉදිරි තෙවසරක කාලය තුල සියළුම පවුල් සඳහා පානීය ජලය ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාසයක් පවතින බවයි.
වර්තමාන රජයේ සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රමුඛතම කාර්යයක් බවට පානීය ජල සම්පාදනය පත්කර ඒ සඳහා අයවැය මඟින් වඩා වැඩි මුදලක් ලබාදීම පිළිබඳව මෙහිදී ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ගරු අග්‍රාමාත්‍යතුමාට ස්තූතිය පිරිනැමු අතර ජල සම්පාදන මණ්ඩලය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සහ ජල සම්පත් මණ්ඩලය යන
ආයතන සමඟ එක්ව 2025 සැමට ජලය ලබාදීමේ දීප ව්‍යාප්ත කඩිනම් වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත්කිරීමට කටයුතු කරන බවත් වාසුදේව නානායක්කාර මහතා කියා සිටියේය.
අරලිය ගහ මන්දිරයේ දී පසුගිය දා පැවති මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් ආචාර්යය ඉංජිනේරු ප්‍රියත් බන්දු වික්‍රම, ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග ඇතුළු නිළධාරීන් කීපදෙනෙක් ද සහභාගී වීය.