පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    සේවකයින්ගේ අවම වැටුප ඉහළ නංවන ජාතික අවම වේතනය ( සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට

    අගෝස්තු 04, 2021

    සේවකයින්ගේ ජාතික අවම වේතනය ( සංශෝධන ) පනත් කෙටුම්පත අද (04) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ .

    මෙම පනත් කෙටුම්පත විවාදය සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළ අතර,ජාතික අවම වේතනය රුපියල් 10,000 සිට රුපියල් 12,500 දක්වා වැඩි කිරීමට අදාළ 2016 /3ජාතික අවම වේතනය පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට ඉදිරිපත් කර තිබෙන්නේ යැයි අමාත්‍යවරයා පැවසීය.

    '' සෞභාග්‍ය දැක්ම'' යටතේ මැතිවරණයේ දී ජනාධිපතිතුමා විසින් ලබාදුන් පොරොන්දුව පරිදි අවම වැටුප රුපියල් 10,000 සිට රුපියල් 12500 දක්වා වැඩි කිරීම මෙම සංශෝධන ගෙන ඒමේ අරමුණ බව ද අමාත්‍යවරයා පැවසීය.

    ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන ) පනත් කෙටුම්පත අද (4) පාර්ලිමේන්තුවේ දෙවැනිවර කියවීමේ විවාදයට නොගන්නා බව සභානායක,අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කතානායකවරයා වෙත දැනුම් දුන්නේ ය.

    මෙම පනත් කෙටුම්පත කාරක සභාවකට යොමු කර ඉදිරි දිනක ඉදිරිපත් කරන බවද සභානායකවරයා දන්වා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya