පෙබරවාරි 22, 2025
tami eng youtube  twitter facebook

    ගෘහස්ථ සේවය අන්තරාදායක රැකියා ලැයිස්තුවට ඇතුළත් කර ගැසට් කිරීමට පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලයි

    අගෝස්තු 04, 2021

    ගෘහස්ථ සේවයට නව නීති සමඟ ගෘහස්ථ සේවය අන්තරාදායක රැකියා ලැයිස්තුවට ඇතුළත් කර ගැසට් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පත විවාදය ආරම්භ කරමින් අද (04) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ගෘහස්ථ සේවකයින් හෙවත් Domestic Servents සම්බන්ධව මෙරට පවතින නීතිය 1876 තරම් ඈත කාලයකදී, සම්මත කළ නීතියක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා , එම පනතේ ඇත්තේ ද එම සේවකයින් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් පමණක් බව පෙන්වා දුන්නේය.

    මෙරට ගෘහස්ථ සේවකයින්,අන්තරාදායක රැකියා ලැයිස්තුවට ඇතුළත් කර එම ගැසට් පත්‍රය මුද්‍රණය සඳහා අවශ්‍ය අවසරය ලබා ගැනීමට අද (04) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති, එම ගැසට් පත්‍රයට අනුව ඉදිරියේදී ගෘහස්ථ සේවකයින්ගේ වයස අවුරුදු 18 දක්වා වැඩි කළ හැකි බවද පැවසීය

    ගෘහස්ථ සේවකයින්ගෙ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කමිටු පත් කර ඇති බවත් විවිධ රටවල මේ සමබන්ධව ගෙන ඇති නීති රීති සම්බන්ධයෙන් මේ වන විටත් අධ්‍යනය කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya