විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා අර්බුදය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ
ය.
මෙම වැටුප් විෂමතාව විසඳීමේදී ,මෙහි සෘජු බලපෑමක් අනෙකුත් සමාන්තර ශ්‍රේණි වලටද එල්ල වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය සේවයේ සියලු අංශවලට සාධාරණයක් වන පරිදි
ක්‍රමවේදයක් සකස් කිරිම රජයේ යුතුකම බවද පෙන්වා දුන්නේය. එම සැළසුම් සකස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා, ඒ අනුව අයවැය ලේඛනයෙන් පසු මේ සඳහා
ස්ථිරසාර විසඳුමක් ලබා දිය හැකි බවද කීය.
මේ වන විටත් පෞද්ගලික අංශයේ ආදායම් මාර්ග විශාල ලෙස කඩා වැටී ඇති බවත් , රටේ පවතින කොවිඩ් වසංගතය හමුවේ අදායම් කඩාවැටීම හේතුවෙන් ඇතැම් සමාගම් වල ගෙවන
වේතන 40%කින් පමණ අඩු වී ඇති බවද කීවේය. එහෙත් පාසල් වල ඉගැන්වීම් කටයුතු සිදු නොකෙරුණද ගුරුවරුන්ගේ වැටුප් සතයක් හෝ අඩු නොකළ බව පැවසූ අධ්‍යාපන අමාත්‍යවරයා
එසේ කිරීම රජයකට අපහසු වුවද , නිසි ආර්ථික කළමනාකරණ වැඩපිළිවෙල ඔස්සේ ඒ සඳහා මුදල් සොයා ගත් බවද කීවේය.
ඉදිරි අයවැයට තව ඇත්තේ මාස තුනක් පමණක් බව පැවසූ අමාත්‍යවරයා ,මාස තුනක් ඉවසන්නේ නැතිව ගුරුවරුන්ගේ මෙම ස්ථාවරය සාධාරණ නොවන බව අවධාරණ කළේය.
හැකිතාක් ඉක්මනින් ගුරුවරුන්ට දෙවන මාත්‍රාව ලබා දීමෙන් පසු එළඹෙන සැප්තැම්බර් මුල් සතියේ පාසල් විවෘත කිරීමේ හැකියාව ඇතැ ඇතැයි ද ගුරු සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල
2,53,000කට පමණ කොවිඩ් මර්දන පළමු එන්නත ලබා දී ඇති බවද කීය.