''වී මිල සහල් මිල සහ ජීවන වියදම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය
වී මෝල් හිමියන් හා වී අලෙවි මණ්ඩලය හැරුණු විට කිසිම අතමැදියකුට ව්‍යාපාර අරමුණින් මිල ඉහළ නැංවීමට, වී තොග තබාගැනීමට ඉඩ නොදෙන බව ද කී අමාත්‍යවරයා, පාරිභෝගික
ජනතාවගේ යහපත මෙන් ම ගොවීන්ගේ යහපත වෙනුවෙන් මෙම පියවර ගත් බවද පැවසීය
වී මෝල් හිමියන් වී තොග මිලදී නොගන්නේ නම් එම සියලු තොග සහතික මිල යටතේ ලබා ගැනීමට රජය තීරණය කර ඇති බවද රජය නියම කරන උපරිම සිල්ලර මිලට සහල් අලෙවි කළ
යුතු බවත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් මෙරට වගා කළ හැකි සහල් පිටරටින් ආනයනය නොකිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,රජය
මේ වන තෙක් සහල් පිටරටින් ගෙනවිත් නොමැති බව ද පැවසීය.
ජාවාරම්කාර වෙළඳපොළ තත්ත්වය මැඬපැවැත්වීමට ආරක්ෂිත තොග වශයෙන් සහල් මෙක්ට්‍රික් ටොන් ලක්ෂයක් මෙරට ගෙනවිත් වේයන්ගොඩ ගබඩාවල ආරක්ෂිත තොග ලෙස රැස්කර තබා
ගන්නා බවත් සහල් හිඟයක් වෙළඳපොළ තුළ ඇතිවුවහොත් ඊට මුහුණදීමට මෙම ආරක්ෂිත සහල් තොග තබාගන්නා බව අමාත්‍යවරයා හෙළි කළේ ය.
ඒ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා ලෙස තමන්, අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර සහල් ගෙන ඒමට කටයුතු කරන බව ද පැවසීය.