ලබන අයවැයට පෙර 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනත සංශෝධනය කර පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට අවශ්‍ය නීතිමය බලතල ගෙන ඒමට ක්‍රියා කරන බව සමුපකාර සේවා ,අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
''වී මිල සහල් මිල සහ ජීවන වියදම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ය
.
පාරිභෝගිකයා ආරක්ෂා කීරීමට 2003 වසරේ සම්මත වූ මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී 2004 වසරේ සිටම පැවති සෑම ආණ්ඩුවක්ම යම් යම් ගැටලුවලට මුහුණදුන් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
පාරිභෝගිකයා පමණක් ආරක්ෂා කිරීම යන සංකල්පයේ රජය නොමැති බවත් ආනයනකරුවන් ,නිෂ්පාදකයා, දේශිය වෙළඳුන් ආරක්ෂා කිරීම කළ යුතු බවත් පාරිභෝගිකයා බිල්ලට තබා අයුතු ප්‍රයෝජන ගන්නා පිරිසට විරුද්ධව ක්‍රියා මාර්ග ගැනීමට මෙම පනත සංශෝධනය කරන බවද පැවසීය.
මෙහි ප්‍රථම අදියර වශයෙන් නොවැම්බර් මාසයට පෙර මෙම පනතේ ඇති දඬ මුදල් සම්බන්ධ වගන්තිය පමණක් සංශෝධනය කර එම දඩ මුදල් වැඩි කිරීමට කටයුතු කරන බවත් මේ වන විට නිතිපති දෙපාර්තමේන්තුව,නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ අවශ්‍ය සහය ලබාගෙන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගන්නා බව පැවසීය.
ඒ අනුව ලබන 19 වෙනිදා මෙම පනත පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට ඉදිරිපත් කරන බවත් සැප්තැම්බර් මුල් සතියේදී දඩ මුදල් සම්බන්ධ සංශෝධන නීතිගත කිරීම සිදුකරන බවත් අමාත්‍යවරයා පැවසීය.