ප්‍රවාහන අමාත්‍යාංශයේ දී සංඛේතවත් ලෙස නිවාසලාභීන් දසදෙනෙකුට අමාත්‍යවරයා නිවාසවල යතුරු භාර දුන්නේ ය.
නැවත පදිංචිකරවීම සඳහා අවශ්‍ය නිවාස 1244ක් නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ලබා ගැනීම සඳහා දැනටමත් නාගරික සංවර්ධන අධිකාරිය සමග ගිවිසුම්ගතව ඇත.
නිවාස 384කින් යුත් "ලක්හිරු සෙවණ" පළමු නිවාස සංකීර්ණය මේ වන විට ලබා දී ඇති අතර එක් නිවාසයක් සඳහා රුපියල් ලක්ෂ 40ත් 50ත් අතර මුදලක් වැය වී තිබේ.
මරදාන සිට පාදුක්ක දක්වා දුම්රිය රක්ෂිතයේ අනාරක්ෂිත ලෙස පදිංචිව සිටින පිරිස වඩාත් ආරක්ෂිත සුවපහසු නිවාසවල නැවත පදිංචිකිරීමෙන් ඔවුන්ට ඉහළ ජීවන මට්ටමක් ළඟා කර දීම මෙම ව්‍යාපෘතියේ අරමුණක් වේ.
කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට සහ මගී ජනතාවගේ ගමන් පහසුකම් සපුරාලීම සඳහා ලබාදිය හැකි ලාභදායී පරිසර හිතකාමී හා තිරසර විසඳුම ලෙස දුම්‍රිය ප්‍රවාහනය සේවය සංවර්ධනය කළ යුතු බවට වන රජයේ ප්‍රතිපත්තිය අනුව ප්‍රවාහන අමාත්‍යංශය හා ශ්‍රී ලංකා දුම්රිය සේවය එක්ව කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.